Tuesday, October 18, 2011

ඉන්ටනෙට් හරහා අඩු මිලට දුරකතන ඇමතුම් ලබා ගැනීම.

සාමාන්‍යෙයන් ඉංග්‍රීසි භාෂාවෙන් (Voice chat) කියා හඳුන්වන මෙම ක්‍රියාවලියේදි සිදුවන්නේ අන්තර්ඡාලය හරහා පරිගණක දෙකක් අතර සාමාන්‍ය පරිදි දත්ත හුවමාරැ වන ආකාරයටම කට හඬ ඩිඡිටල් දත්ත බවට පත් කර හුවමාරැ කිරීමයි. මෙම ක්‍රියාවලිය සඳහා සෑම විටම අන්තර්ඡාල සම්බන්ධතාවය සහිත පරිගණක තිබිය යුතු අතර අන්තර්ඡාල සම්බන්ධතාවයට වැයවන මුදල හැර විශේෂ දුරකතන ගාස්තුවක් මෙහිදී වැය නොවේ.

මෙම වොයිස් චැට් සේවා ලබා දෙන වෙබ් අඩවි වශයෙන් www.net2phone.comwww.vonage.comwww.wowway.com දැක්විය හැකි අතර මෙයින් වඩාත් ඡනප්‍රිය වෙබ් අඩවිය වශයෙන් www.skype.com වෙබ් අඩවියයි.

මෙහිදී වි‍දේශ රටකට දුරකතන ඇමතුමක් ලබා ගැනීමේදී සිදුවන්නේ අදාළ රටේ පිහිටි පරිගණකයකට අන්තර්ඡාලය හරහා ස්වයංක්‍රීයව සම්බන්ධ වීමයි. ඉන්පසු එම පරිගණකය විසින් තම දේශිය දුරකතනයට ස්වයංක්‍රීයව සම්බන්ධතාව ලබා දෙයි. මේ සේවාව ලබා ගැනීම සඳහා එම සේවාව සපයන අඳාල වෙබ් අඩවිය වෙත ක්‍රෙඩිට් කාඩ් මඟින මුදල් ගෙවා පාරිභෝගිකයාට අවශ්‍ය ආකාරයේ පැකේඡ ලබා ගත හැක. එම පැකේඡ වල ලබා දෙන පහසුකම් අනුව සාමාන්‍ය දුරකතන ගාස්තු වලට වඩා අඩු ගාස්තු යටතේ ඡාත්‍යන්තර දුරකතන ඇමතුම් ලබා ගත හැක.

No comments:

Post a Comment