Saturday, October 22, 2011

පරිගණකයේ ඇති වයිරසයක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ කෙසේද?

මෙම වයිරසය පරිගණකයට පැමිණ ඇත්තේ වයිරස් ගාඩ් එක යෙදීමට කලිනි. වයිරසයක් පරිගණකයට පැමිණ ස්ථාපිත වූ පසු වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කර එම පැමිණ ඇති වයිරසය ඉවත් කළ නොහැකිය.


එම වයිරසය ඔපරේටින් සිස්ටම් එක සමඟ සම්බන්ධ වී ක්‍රියාත්මකව පවතින බැවින් දැන් කොපමණ වාරයක් මෙම වයිරසය වයිරස් ගාඩ් එක මඟින් එම වයිරසය සොයා ඉවත් කළත්, නැවත නැවතත් එම වයිරසය බෝ වීම සිදු වේ. 


මෙවැනි අවස්ථාවකදී රෙස්කියු ඩිස්ක් (Rescue Disk) එකක් මඟින් පරිගණකය බූට් කර වයිරසය ඉවත් කිරීමට උත්සහ කරන්න. නැත්නම් අදාළ හාඩ් ඩිස්ක් එක, වයිරස් ගාඩ් එකක් සහිත වෙනත් පරිගණකයකට සම්බන්ධ කොට ඉන් පසු එම පරිගණකයේ ඇති වයිරස් ගාඩ් එක මඟින් එම හාඩ් ඩිස්ක් එක ස්කෑන් කොට වයිරස් ඉවත් කරන්න.

No comments:

Post a Comment