Friday, October 21, 2011

බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක වේගය අඩුවීමේ දෝෂ සමනය කර ගන්නා හැටි.

මේ සඳහා පරිගණකයේ සුළු - සුළු වෙනස්කම් කිහිපයක් සිදුකර පිළියමක් ලැබේදැයි උත්සහ කොට බැලිය හැක. ඒ සඳහා Control Panel - Internet Option තුළ ඇති General කොටසේ ඇති Delete Cookies හා Delete Files විධාන සක්‍රිය කරන්න. දැන් ඩවුන්ලෝඩ් වේගය වැඩි වේදැයි පරීක්ෂා කර බලන්න. හැකි නම් මොඩමයද මාරැ කර බලන්න.

සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් 512 kbps ක ඩව්න්ලෝඩ් වේගයක් සෑමවිට ලබා ගත නොහැක. කිමද එම සේවා සපයන ස්ථානයේ සිට ඇති දුර වැඩි වීම, වෙනත් පරිගණක ඡාල වලට සම්බන්ධ වී සිටීම සහ එක් එක් සමාගම් වල දත්ත සම්ප්‍රේෂණ පද්ධතිවල පවතින දෝෂ යනාදී දේ නිසා ඩවුන්ලෝඩ් වේගය අඩුවීම සිදුවේ.

මෙවැනි හේතූන් මත ඔබහට එම සේවා සපයන ආයත පවසන වේගය ලබාගත නොහැකි වන අතර ඔබට සිදු කිරීමට ඇත්තේ එම ආයතන වෙත ඔබගේ ගැටළුව පවසා ඔබ ගෙවනා මුදලට සරිලන ආකාරයේ නිවැරදි සේවාවක් ලබා ගැනීමය.

No comments:

Post a Comment